Feeds:
Posts
Comments

Archive for the ‘නිසඳැස් සංකල්පනා | සිතුවිලි තොටුපොළ |Sinhalese Poetry’ Category

ඒ මහා පාලු
රාත්‍රියේ
නිසලව ගලා ගිය
ගින්දර දිය මත සිටගෙන
වෙවුලුම් කා
විනාශ වී ගිය
අපේ අතීත
අපේ සොඳුරු
ආදරය සිහියට ගෙන
ගිනි දිය මත
ඇවිද ගියෙමි
සෝහෝන්  කොත් පාමුලට වි
ගිජු ලිහිනියෙක් විලස
සිටි යමපල්ලෙකු
පැවසුවේ
මේ ගිනිදිය නොව
මේ ඇය විසින්
හෙළු ආදර කඳුළු බවය
මා කෑගසමින්
පැවසුවේ
කියන්න …
කියන්න
කොහෙද ඔබ ගියේ
කියාය ….
නමුත් ….
කාහටවත්මගේ හඬ නොඇසුනි
එය හුදෙක් මගේ හදවත
තුල පමනක් නැගුනු
දොන්කාරයක්ම වූන නිසාමය

සංකල්පනාව – පාලිත ආරියරත්න

13-01-2015

Advertisements

Read Full Post »

ඒ ධුම කේතුව

අහසේ සැරි සරන විට

මා හා ඇය

බලා සිටියේ

විලම්බීත ආකාරයෙනි

සෙමින් සෙමින් කාලය ගෙවී

යද්දී අහසේ තනිවුන

ඒ තරුව

සැබෑ සෙනෙහස නොදැන

පාර සොයා ගැනීමට බැරිව

අතරමන් වී

වල්මත් වී

කදුළු සැලුවේ

සැබෑ ආදරයේ

අර්ථය කියමිනි

දුහුවිල්ලෙන් සැදුනු ඇයද

දුහුවිල්ලෙන් සැදුනු මමද

තනිය මකා ගන්නට

උත්සහ ගනිද්දී

නෙතගින් වැටුණු

කඳුළු බිඳුවට හසුවී

තෙත්වී බරවී

ඒ ආදර ධුම කේතුව

කොහේ වැටුනේදෝයි

මමද ඇයද

අදවනතෙක් තෙක් නොදනී…

සංකල්පනාව – පාලිත ආරියරත්න

13-01-2015

Read Full Post »